විද්‍යාලයේ සිසු නිල ඇඳුම

- ගවුමේ ඉන උස නියමිත මට්ටමේ විය යුතුය.
- ගවුමේ වාටිය දණ හිස වැසෙන සේ.
- ගවුමේ අතේ උස මධ්‍ය ප්‍රමාණයෙනි.
- ඉන වටා සුදු පටිය.එය පැත්තකින් ඉනට සම්බන්ධ කළ යුතුය.
- ගවුමේ රැළි ඉදිරි පසට හා පසු පසට රැළි 05 බැගින් තිබිය යුතුය.
කොණ්ඩය
- දිග කොණ්ඩය පිටිපස්සට කරල් 02ක් වන සේ ගොතා මෙරුන් පාට රිබන් පටියෙන් බදින්න.
- කෙටි කොණ්ඩය දෙපැත්තට බැඳ මෙරුන් පාට රිබන් පටියෙන් බදින්න.
- කොටටම කැපූ කොණ්ඩය බෙල්ල හා කන් දෙක පෙනෙන සේ කපන්න. කොලරයේ කොණ්ඩය නොගෑවිය යුතුය.
10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ නිල ඇඳුම පිරිමි.
- කමිසය - අත් හිර නොවන සේ මැසිය යුතුය. තනි සාක්කුව. එහි නිළ ලාංඡනය සමා තිබිය යුතුය.
- කලිසම - කලිසමේ ඉදිරිපස ඩබල් ප්ලීට් යෙදිය යුතු අතර ඉන පටිය සඳහා ආධාරකය නොමැසිය යුතුය. පිටුපසට පියන් රහිත එක් සාක්කුවක් යෙදිය යුතුය. කලිසමේ වාටිය අගල් 14 ට වැඩි විය යුතුය. දෙපස සාක්කු 02ක් විය යුතු අතර තනි මැස්මෙන් මැසිය යුතුය.
|
අයිතමය |
වර්ණය |
|
|
ගැහැණු |
පිරිමි |
|
|
ගවුම |
සුදු |
- |
|
සපත්තු |
සුදු |
කළු |
|
මේස් |
සුදු |
කළු |
|
කොණ්ඩ පටි 2 |
මෙරුන් |
- |
|
කොට කලිසම |
- |
නිල් |
|
දිග කලිසම |
- |
සුදු |
|
කමිසය |
- |
සුදු |